භාණ්ඩ ආපසු ලබාගැනීමේ ප්‍රතිපත්තිය

Refund & Return Policy for Selltan Store

බෙදාහැරීමේ වගකීම

අප ආයතනය විසින් එවන ලද භාණ්ඩය කුරියර් සේවාව (Courier Service) මඟින් ඔබ අතට පත් වන තෙක් පමණක් අප ඒ පිළිබඳව සම්පූර්ණ වගකීම දරනු ලැබේ.

භාණ්ඩය ලැබුණු පසු වගකීම

භාණ්ඩය සාර්ථකව ඔබ අතට ලැබුණු පසුව සිදුවන කිසිදු හානියක්, අස්ථානගත වීමක් හෝ වෙනත් ගැටලුවක් සම්බන්ධයෙන් අප ආයතනය වගකීමක් දරනු නොලැබේ.

භාණ්ඩය පරීක්ෂා කිරීම

භාණ්ඩය ලැබුණු අවස්ථාවේදීම එය පරීක්ෂා කර බැලීමට කාරුණික වන්න. යම් හෙයකින් කුරියර් මඟින් ගෙන එන විට හානියක් වී ඇත්නම්, එම අවස්ථාවේදීම අපගේ පාරිභෝගික සේවය (+94 76 100 2041) අමතා අපව දැනුවත් කළ යුතුය.

හුවමාරු කිරීම සහ මුදල් ලබාදීම

සාමාන්‍ය තත්වයන් යටතේ ගෙවන ලද මුදල් නැවත ලබා නොදෙන අතර, භාණ්ඩයේ නිෂ්පාදන දෝෂයක් ඇත්නම් පමණක් එය පරීක්ෂා කර බලා භාණ්ඩය ලැබී දින 3ක් ඇතුළත හුවමාරු කර දීමට කටයුතු කරනු ලැබේ.

ඔබට කිසියම් ගැටලුවක් ඇත්නම් වට්ස්ඇප් හරහා අපව සම්බන්ධ කරගන්න.